Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ග්‍රීසියට පනින්න ගිය විදෙස් ජාතිකයින් තිදෙනෙක් කටුනායකදී කොටුවෙති
    Featured

    ග්‍රීසියට පනින්න ගිය විදෙස් ජාතිකයින් තිදෙනෙක් කටුනායකදී කොටුවෙති

    By LFNApril 1, 2025No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිත කරමින් ග්‍රීසිය වෙත පළා යාමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ ඇති අතර ඔවුන් අවුරුදු 22, 24, සහ 25 වැනි වයස්වල පසුවන තරුණයන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    මොවුන් ඊයේ (31) පස්වරුවේ බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබුණි.

    එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා ඔවුන් ඉදිරිපත් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් මොවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන තිබේ.

    එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණවලදී මෙම ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර ඉහළ තාක්ෂණික උපක්‍රම, සූක්ෂම ලෙස භාවිතා කර කූඨ ලෙස සකස් කර ඇති බව අනාවරණය වී ඇත.

    එසේම මොවුන් බහරේන් වෙත ගොස් එතැන් සිට ග්‍රීසියේ ඇතැන්ස් නුවර බලා පිටත්ව යාමට සැළසුම් කර ගෙන තිබූ බව ද එම නිලධාරීන් සිදු කළ වාචික ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කර ගැනීමට සමත් වී තිබේ.

    ඒ අනුව අත්අඩංගුවට ගත් මොවුන් තිදෙනා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202608 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.