Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026

    ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

    March 4, 2026

    නීතිවිරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතිවිරෝධීව උපයාගත් වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
    Featured

    නීතිවිරෝධීව උපයාගත් වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට

    By LFNMarch 31, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වංචනිකයින්ට සහ දුෂිතයින්ට යළි රට පාලනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවය.

    “ආණ්ඩුවක් කොහොම ද දූෂිතයින්ට දඬුවම් දෙන්නේ, ආණ්ඩුවක කොහොමද අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ. මොකද්ද ආණ්ඩුවට තියෙන වැඩ කොටස. ඔන්න ආණ්ඩුවට තියෙනවා නීති ටිකක්. අපි මේ 8 වෙනිදාට පාර්ලිමේන්තුවේ සම්මත කරනවා හොරකම් කරලා වත්කම් එකතු කරගෙන තියෙනවා නම් වත්කම් යළි අත්පත් කරගැනීමේ නීතියක් සම්පාදනය කරනවා. නීතියානුකූල නොවන ආකාරයට උපයාගෙන තියෙන වත්කම් පවරා ගැනීමේ පනත. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගැනීමේ අදහසක් අපට නෑ. මේ අපේ රටේ නීතියේ විධානය, ආදිපත්‍ය යළි මේ මාතෘභූමිය තුළ තහවුරු කිරීම අපේ අපේක්ෂාව.”

    2026 වසර වන අයවැය සම්බන්ධයෙන් යෝජනා ලබා ගැනීම මෙම වසරේ ජුනි මාසයේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

    මේ අතර, ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හැර දමා තිබු විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක වු ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    “ව්‍යාපෘති 11ක් ජපන් ආණ්ඩුව දාලා ගියා. ජයිකා බැංකුවෙන් ණය දීලා තිබුණ ව්‍යාපෘති 11 නතර වුණා. නැවත ජපන් රජය එම ව්‍යාපෘති 11ම පටන් ගන්න එකඟතාවය පළ කළා. ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවරයි. ඔයගොල්ලෝ දන්නවා කඩවත – මීරිගම හයිවේ කොටස හදමින් තිබුණා චීනයේ එක්සිම් බැංකුවෙන් ණය මුදලින්. රට බංකොළොත් වුණා. ණය දෙන එක නතර වුණා. ව්‍යාපෘතිය නතර වුණා. අපි ඇස්තමේන්තු කරලා තියෙනවා කෝටි 5,600ක අලාභයක් සිද්ධවෙලා තියෙනවා. දවසකට මිලියන 21ක් චීන සමාගමට පොලිය ගෙවන්න වෙලා තියෙනවා. නැවත චීන රජය සමග කතා කරලා අපි සංචාරයේ දී එකඟවුණා නතර වුණ අධිවේගය ඇතුළු නතර වුණ ව්‍යාපෘති සහ අලුත් ව්‍යාපෘති 76ක් ආරම්භ කරන්න. ඒ කියන්නේ මොකද්ද ආර්ථිකය ස්ථාවරයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026

    ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

    March 4, 2026

    නීතිවිරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 20260122 Views

    ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ…

    ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

    March 4, 2026

    නීතිවිරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

    March 4, 2026

    පාසල් බස් රථයක් සහ ලොරියක් අනතුරක – 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.