Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්
    Featured

    උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

    By LFNMarch 30, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර තිබේ.

    එමගින් අලුත් අවුරුදු කාල සීමාවේදී පැවැත්වෙන විවිධ උත්සව අවස්ථා රැසක් සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම මාර්ගෝපදේශ පිලිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

    විශේෂයෙන් ගම හරහා දිවීම, මැරතන් තරගාවලි සහ පා පැදි වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවද දක්වා ඇති අතර එහිදී හඳුනාගත් රෝගී තත්ත්වයන් සහිත සහභාගී වන්නන් ඔවුන්ගේ නිතිපතා සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා සැපයුම්කරු වෙතින් අදාළ ක්‍රීඩා ඉසව්වට සහභාගී වීමට තමන් යෝග්‍ය බව ප්‍රකාශ කරමින් වෛද්‍ය අනුමැතිය ලබා දීමේ සහතිකයක්ද ඉදිරිපත් කළ යුතු බවද දක්වා තිබේ.

    තවද අලුත් අවුරුදු සමයේ සෑම ක්‍රීඩා උත්සවයකදීම පැවැත්වෙන කොට්ට පොර, ගම හරහා දිවීම, පිහිනීම, ඔරු පැදීම, දෙහි ගෙඩිය හැන්ද මත ගෙනයාමේ තරගය, ග්‍රීස් ගහේ නැගීම, කඹ ඇදීම, ගෝනි රේස් වැනි තරග ඉසව් සඳහා ද විශේෂිත මාර්ගෝපදේශ රැසක්ද නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග පිළිබඳ ඒකකය කටයුතු කර ඇති අතර එම ඉසව් සඳහා වෙන් වෙන් වශයෙන් වූ මාර්ගෝපදේශ රැසක්ද නිකුත් කිරීමට එම ඒකකය කටයුතු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 202602 Views

    මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය…

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.