Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්
    Featured

    උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

    By LFNMarch 30, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර තිබේ.

    එමගින් අලුත් අවුරුදු කාල සීමාවේදී පැවැත්වෙන විවිධ උත්සව අවස්ථා රැසක් සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම මාර්ගෝපදේශ පිලිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

    විශේෂයෙන් ගම හරහා දිවීම, මැරතන් තරගාවලි සහ පා පැදි වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවද දක්වා ඇති අතර එහිදී හඳුනාගත් රෝගී තත්ත්වයන් සහිත සහභාගී වන්නන් ඔවුන්ගේ නිතිපතා සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා සැපයුම්කරු වෙතින් අදාළ ක්‍රීඩා ඉසව්වට සහභාගී වීමට තමන් යෝග්‍ය බව ප්‍රකාශ කරමින් වෛද්‍ය අනුමැතිය ලබා දීමේ සහතිකයක්ද ඉදිරිපත් කළ යුතු බවද දක්වා තිබේ.

    තවද අලුත් අවුරුදු සමයේ සෑම ක්‍රීඩා උත්සවයකදීම පැවැත්වෙන කොට්ට පොර, ගම හරහා දිවීම, පිහිනීම, ඔරු පැදීම, දෙහි ගෙඩිය හැන්ද මත ගෙනයාමේ තරගය, ග්‍රීස් ගහේ නැගීම, කඹ ඇදීම, ගෝනි රේස් වැනි තරග ඉසව් සඳහා ද විශේෂිත මාර්ගෝපදේශ රැසක්ද නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග පිළිබඳ ඒකකය කටයුතු කර ඇති අතර එම ඉසව් සඳහා වෙන් වෙන් වශයෙන් වූ මාර්ගෝපදේශ රැසක්ද නිකුත් කිරීමට එම ඒකකය කටයුතු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 20250122 Views

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම…

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.