Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ 1,600 ඉක්මවයි
    Featured

    මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ 1,600 ඉක්මවයි

    By LFNMarch 30, 2025No Comments2 Mins Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා තිබේ.

    අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවය.

    මධ්‍යම මියන්මාරයට පසුගියදා රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණි.

    එහි අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ එරට ඊසාන දිග සගයින් නගරයේ සිට කිලෝමීටර 16ක් උතුරු දෙසින්ය.

    ප්‍රධාන භූකම්පනයෙන් පසුවත් ප්‍රබල පසුකම්පන 6කින් එරටට බලපෑම් එල්ල වී තිබේ.

    මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙසයි.

    හමුදා පාලනය හේතුවෙන් දැනටමත් මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින මියන්මාර වැසියන් භූ කම්පනයත් සමග දැඩි පීඩනයට ලක්ව සිටී.

    මේ භූකම්පනයෙන් නැපීටා අගනුවරට සිදුව ඇති හානිය යි.

    භූකම්පනයෙන් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයටත් දැඩි හානි සිදුව ඇති අතර එහි ගොඩනැගිලි රැසක් පොළොවට සමතලා වී තිබේ.

    භූකම්පනයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මැන්ඩලේ නගරයට වන අතර එහි නිවාස 1,500කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇතැයි සඳහන්ය.

    භූකම්පනය අතරතුර දී මැන්ඩලේ හි පෙර පාසලක් පිහිටි ගොඩනැගිල්ලක් ද කඩා වැටී ඇති අතර එහි සිටි පෙර පාසල් දරුවන් 12 දෙනෙකුගේ සහ ගුරුවරයාගේ සිරුර සොයාගෙන ඇතැයි සහන සේවකයින් තහවුරු කර තිබුණි.

    මියන්මාරයේ මැන්ඩලේ නගරයේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැසී ඇති අයුරු BBC මාධ්‍ය වාර්තා කර තිබුණි.

    තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරීගොස් ඇති අතර පසුකම්පන අවදානම හේතුවෙන් ඇතැම් පිරිස් හට ප්‍රතිකාර සිදු කෙරෙන්නේ ද රෝහල්වලින් පිටතදීය.

    මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරය වෙත ළඟා වී තිබේ.

    තවත් රටවල් රැසක් මියන්මාරයට සහාය දැක්වීමට ඉදිරිපත් වි ඇති අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ වියට්නාමයත් ඒ අතරට අයත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202602 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.