Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැම්බරයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට

    December 18, 2025

    පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

    December 18, 2025

    රන්වලගේ රිය අනතුරේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මීරිගම – කඩවත අධිවේගයේ වැඩ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
    Featured

    මීරිගම – කඩවත අධිවේගයේ වැඩ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

    By LFNMarch 29, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවැත්විණි.

    එහිදී ජනාධිපතිවරයා විසින් නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

    කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස්‍ රථ හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

    එමෙන්ම කොළඹ, නුවර, කුරුණෑගල, මොරටුව යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

    දුම්රිය දෙපාර්තමේන්තුව සතු ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා නොදෙන ඉඩම් හඳුනාගැනීම සහ එම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙසැම්බරයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට

    December 18, 2025

    පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

    December 18, 2025

    රන්වලගේ රිය අනතුරේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    දෙසැම්බරයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට

    December 18, 20250113 Views

    දෙසැම්බර් මාසයේ ගත වු මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ…

    පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

    December 18, 2025

    රන්වලගේ රිය අනතුරේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ

    December 18, 2025

    අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාණ්ඩ්

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.