Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විස්සයි20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය අද

    March 8, 2026

    ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගනීවිද?

    March 8, 2026

    දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි

    March 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගත් සැකකරුවෝ 2ක් ගිනි අවිත් සමඟ අසුවෙති
    Gossip

    ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගත් සැකකරුවෝ 2ක් ගිනි අවිත් සමඟ අසුවෙති

    By LFNMarch 25, 2025No Comments1 Min Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුප්‍රකට පාතාල අපරාධකරුවන්ගේ නම් සඳහන් කරමින් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ලෙස මුදල් ලබා ගනිමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ගිනි අවි දෙකක් සහ පතරොම් 15ක් සමඟ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    දෙයියන්දර සීනිගල්ල සහ තිස්සමහරාමය ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා අවුරුදු 42 හා 45 වයස්වල පසුවන්නන්ය.

    පෑලියගොඩ පොදු වෙළෙඳසලේ ව්‍යාපාරිකයකුට දුරකතනයෙන් තර්ජනය කර අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂයක මුදලක් ගිණුම්ගත කරවා ගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදා අලුයම් කාලයේදී දෙයියන්දර පොලිස් වසමේ සීනිගල්ල නැඟෙනහිර ප්‍රදේශයේදීය.

    සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී විදේශ රටක නිෂ්පාදනය කළ රිවෝල්වරයක් සහ ඊට යොදන පතරොම් 05ක්ද, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ඊට යොදන මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 10ක්ද සොයාගත් බව පොලීසිය කියයි. මේ ගිනි අවි දෙක සොයාගෙන ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳස අසල ලඳු කැලෑවක සඟවා තිබියදී බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. සැකකරුවන් රටපුරා ව්‍යාපාරිකයන් රැසක් බිය ගන්වමින් කප්පම් ලබාගෙන ඇති බව පෙනී යන බැවින් ඔවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපත

    February 25, 2026

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    October 27, 2025

    නිරුවත් මළ සිරුරක් කුඹුරකින් හමුවෙයි

    August 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විස්සයි20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය අද

    March 8, 20260121 Views

    පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.…

    ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගනීවිද?

    March 8, 2026

    දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි

    March 8, 2026

    ඩිජිටල් ආර්ථිකය තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණයි – ජනපති

    March 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.