Close Menu
Lanka Focus News
    What's Hot

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස් ජාතික කාන්තාවකට මරු කැඳවූ අනතුර
    Featured

    විදෙස් ජාතික කාන්තාවකට මරු කැඳවූ අනතුර

    By LFNMarch 19, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් නෙදර්ලන්ත ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

    ඊයේ (18) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙළෙඳසැලක් ඉදිරිපිට නැවැත්වීම සඳහා මාර්ගයේ වම්පසට ගන්නා අවස්ථාවේදී එම මෝටර් රථයේ පිටුපසින් එම දෙසටම ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෝටර් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

    එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වුවත් එම දිසාවටම ගමන් ගත් තවත් ත්‍රිරෝද රථයක් ඉහත වාහනවල ගැටීම වළක්වා ගැනීම සඳහා එක්වරම මාර්ගයේ දකුණු පසට හැරවීමේදී විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

    එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ විදෙස් ජාතික පිරිමි පුද්ගලයින් 02 කු හා කාන්තාවන් 02 බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 54ක් වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවකි.

    අනතුරට සම්බන්ධ ලොරි රථයේ අත්අඩංගුවට ගෙන ඇති අතර දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    මේ අතර ගම්පොළ – මහනුවර මාර්ගයේ කිරින්ද ප්‍රදේශයේදී පුස්සැල්ලාව දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, නුවර පාර, ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 202602 Views

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි…

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.