Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 2026

    ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

    April 28, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස් ජාතික කාන්තාවකට මරු කැඳවූ අනතුර
    Featured

    විදෙස් ජාතික කාන්තාවකට මරු කැඳවූ අනතුර

    By LFNMarch 19, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් නෙදර්ලන්ත ජාතික කාන්තාවක් මියගොස් තිබේ.

    ඊයේ (18) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙළෙඳසැලක් ඉදිරිපිට නැවැත්වීම සඳහා මාර්ගයේ වම්පසට ගන්නා අවස්ථාවේදී එම මෝටර් රථයේ පිටුපසින් එම දෙසටම ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෝටර් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

    එම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වුවත් එම දිසාවටම ගමන් ගත් තවත් ත්‍රිරෝද රථයක් ඉහත වාහනවල ගැටීම වළක්වා ගැනීම සඳහා එක්වරම මාර්ගයේ දකුණු පසට හැරවීමේදී විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

    එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ විදෙස් ජාතික පිරිමි පුද්ගලයින් 02 කු හා කාන්තාවන් 02 බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 54ක් වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවකි.

    අනතුරට සම්බන්ධ ලොරි රථයේ අත්අඩංගුවට ගෙන ඇති අතර දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    මේ අතර ගම්පොළ – මහනුවර මාර්ගයේ කිරින්ද ප්‍රදේශයේදී පුස්සැල්ලාව දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, නුවර පාර, ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026

    මෛත්‍රී අල්ලස් කොමිසමෙන් පිටව යයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 202601 Views

    දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ…

    ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

    April 28, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026

    මෛත්‍රී අල්ලස් කොමිසමෙන් පිටව යයි

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.