Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැගසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පහරදීමක් – රැඳවියෙක් මරුට
    Featured

    මැගසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පහරදීමක් – රැඳවියෙක් මරුට

    By LFNMarch 19, 2025No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබේ.

    අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටය.

    අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පසුගිය 23වනදා මහරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණු හේවාධීර දොන් ගැමුණුජිත් නම් 54 හැවිරිදි එක්දරු පියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

    කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු පසුගිය 26වනදා ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහා දරා තිබේ.

    එහිදී ඔහු විසින් එම අයිස් මත්ද්‍රව්‍ය ගිලදැමීමත් සමඟ අදාළ නිලධාරීන් දෙදෙනා තවත් රැඳවියන් දෙදෙනකු සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බව පොලීසිය පවසයි.

    එහිදී බරපතළ තුවාල ලැබූ රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

    එහි ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා ඉකුත් 16 වනදා පස්වරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    බොරැල්ල පොලීසියේ විමර්ශන වලදී බන්ධනාගාරයේ සෙසු රැඳවියන්ද පවසා ඇත්තේ, අදාළ රැඳවියා අයිස් මත්ද්‍රව්‍ය ගිලදැමීමෙන් පසුව බන්ධානාර නිලධාරීන් දෙදෙනෙකු තවත් රැඳවියන් දෙදෙනෙකු සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී වමනය කරවීම සඳහා ලුණු මිශ්‍ර වතුර බෝතල් දෙකක් පෙවූ බවය.

    සිද්ධිය වූ මැගසින් බන්ධනාගාරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතාගේ පරීක්ෂණයට ලක්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 20250122 Views

    ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස්…

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025

    සැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහර

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.