Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක්
    Featured

    විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක්

    By LFNMarch 17, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (17) දින සිට 21 වනදා දක්වා සත්‍යග්‍රහයක් සහ විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

    මෙම පිරිස ඉහත සඳහන් දින කිහිපයේ වැලිකඩ, පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම දැනුම් දීම සිදුකර ඇත.

    ඒ අනුව, පහත සඳහන් වග උත්තරකරුවන් වන,

    ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ.

    ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්.

    ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක.

    ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල.

    හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත මෙම දැනුම් දීම සිදුකර තිබේ.

    අධිකරණයෙන් දැනුම් දී ඇත්තේ අදාළ දිනවල දී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේදී මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමට වගබලා ගතයුතු බවටය.

    එමෙන්ම මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කරන අතර කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවට අධිකරණයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202608 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.