Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2024 සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි
    Featured

    2024 සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

    By LFNMarch 17, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වීමට නියමිතය.

    දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

    පාසල් අයදුම්කරුවන් 398,182 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965 දෙනෙකු විභාගය සඳහා අයදුම්කර ඇති බව සඳහන්ය.

    විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් විභාග ශාලාවට රැගෙන යා යුතු දේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළේය.

    “ප්‍රවේශපත්‍රය හා හැඳුනුම්පත මේ වනවිට සූදානම් කරගෙන විභාගයට රැගෙන යන්න. විභාගයට පෙනී සිටින සෑම පත්‍රයකම අනන්‍යතා පත්‍රය ඉදිරිපත් කළ යුතු වෙනවා. ප්‍රවේශපත්‍රය පළමු දිනයේ දී ශාලාවෙන් භාරගන්නවා. ඒක නැවත ඔබ අතට පත්වෙන්නේ නෑ. ඊට අමතරව ඔබට විභාග මධ්‍යස්ථානය වෙත විභාගය ලිවීමට අවශ්‍ය පෑන්, පැන්සල් ද්‍රව්‍ය රැගෙන යන්නට පුළුවන්. වෙන කිසිදු දෙයක් ඔබට රැගෙන යන්නට බැහැ. අවශ්‍ය නම් කෙනෙකුට වතුර බෝතලයක් රැගෙන යන්න පුළුවන්. විශේෂයෙන් මතක කරන්න විභාගයට ගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් කරපු දේවල් තියෙනවා. ජංගම දුරකථන, ස්මාට් අත්ඔරලෝසු කිසිම දෙයක් රැගෙන යන්න එපා.”

    විභාගය සඳහා කල්වේලා ඇතිව විභාග ශාලාවට පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 202608 Views

    රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක්…

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.