Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්

    April 28, 2026

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 2026

    ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක රිය අනතුරු දෙකක්
    Featured

    මාරක රිය අනතුරු දෙකක්

    By LFNMarch 16, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පැවසුමේ මෙම අනතුරු ඊයේ (15) සහ අද (16) අලුයම් කාලයේදී සිදුව ඇති බවය.

    ඒ අනුව පේරාදෙණිය පොලිස් වසමේ ගම්පොල පේරාදෙණිය මාර්ගයේ අඟුනාවල ප්‍රදේශයේදී මහනුවර දෙස සිට ගම්පොල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් මෝටර් රථයේ ඉදිරිපස අසුනේ ගමන් ගත් කාන්තාවක් හා පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක් බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

    එහිදී ඉදිරිපස අසුනේ ගමන් ගත් කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මියගොස් ඇත්තේ අවුරුදු 58ක් වූ වෙළම්බඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවට දැනට කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

    මේ අතර වැලිවේරිය පොලිස් වසමේ වැලිවේරිය ඇඹරළුව මාර්ගයේ ඇඹරළුව ප්‍රදේශයේදී වැලිවේරිය දෙස සිට කන්දකපාපු හන්දිය දෙසට ධාවනය කළ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදි ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මියගොස් ඇත්තේ අවුරුදු 21ක් වූ ඇඹරලුව උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026

    මෛත්‍රී අල්ලස් කොමිසමෙන් පිටව යයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්

    April 28, 202601 Views

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්…

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 2026

    ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

    April 28, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.