Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

    January 3, 2026

    කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

    January 3, 2026

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න
    Featured

    බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

    By LFNMarch 16, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි.

    එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා පැවසුවේ අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වෙන බවය.

    අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

    පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි.

    අනතුරුව පෙ.ව 11.30 සිට ‍ප.ව 5.30 දක්වා “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත්, දෙදින විවාදයක් ලෙස මේ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.

    බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය.

    මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

    ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

    මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,368 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

    January 3, 202603 Views

    කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන, එම යතුරුපැදි නිතී විරෝධි ලෙස අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු…

    කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

    January 3, 2026

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.