Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2028 වසරේදී පාසල්වලට හඳුන්වාදෙන විභාගය
    Featured

    2028 වසරේදී පාසල්වලට හඳුන්වාදෙන විභාගය

    By LFNMarch 11, 2025No Comments2 Mins Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (10) විශේෂ හෙළිදරව්වක් කළාය.

    එහිදී ඇය සඳහන් කර සිටියේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් දරුවාට ඇතිවන මානසික පීඩාව අවම කරන විභාගයක් 2028 වසරේදී හඳුන්වාදෙන බවය.

    එමෙන්ම ශිෂ්‍යත්ව විභාග තුළින් දරුවාට එන මානසික පීඩන අවම කිරීම සඳහා විශේෂඥ කමිටුවක් රජය විසින් පත්කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

    ශිෂ්‍යත්ව විභාගය තරග විභාගයක් වී ඇත්තේ, පාසල් අතර ඇති විශමතාවය නිසා බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, පාසල් අතර ඇති ගුණාත්මක භාවයේ විශමතාවය නැතිකිරීමට උත්සහා දරන බවය.

    “5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග එන්නේ පාසල් අතර තියෙන විශමතාවය නිසා දක්ෂ දරුවන්ට හොඳයි කියන පාසලකට ඇතුළු වෙන්නේ අවස්ථාව සලසා දෙන්නේ. අපි හිතන්නේ නෑ මේ තියෙන තත්ත්වය තුළ ඒකට අපිට ලොකු වෙනස්කමක් කරන්න පුළුවන් කියලා. අපි උත්සහාකරන්නේ පාසල් අතර තියෙන විශමතාවය ක්‍රමාණූකූලව තැතිකරලා හොඳ පාසල්, හොඳ නැති පාසල්, ජාතික පාසල්, ජාතික නොවන පාසල් වැනි විශේෂයෙන්ම ගුණාත්මක භාවයෙන් විශමතා තියෙන පාසල් ක්‍රමය වෙනස් කරන්න. ඒකට අපිට යම් කිසි කාලයක් යයි. එතෙක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අපිට පවත්වන්න වෙනවා. නමුත් උත්සහා කරන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් එන මානසික පීඩනය අවම කරන්න. ඒ සඳහා අපි විශේෂඥ කමිටුවක් එන අවුරුද්දේ පත්කරන්න නියමිතයි. අපි හිතනවා බොහෝදුරට ඒ මානසික පීඩනය ළමයින්ට දෙන්නේ නැති විභාගයක් 2028 සිට ක්‍රියාත්මකරන්න පුළුවන්. නමුත් ඇත්තටම මේකට විසඳුම එන්නේ පාසල් අතර තියෙන ගුණාත්මක භාවයේ විශමතාවය නැතිකිරීම. ඒක අපේ දිර්ඝ කාලීන සැලැස්ම තුළ තිබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 202602 Views

    2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව…

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.