Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සත්ත්ව සංගණනය අවම වියදමකින් සිදු කිරීමට සැලසුම්
    Featured

    සත්ත්ව සංගණනය අවම වියදමකින් සිදු කිරීමට සැලසුම්

    By LFNMarch 11, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සත්ව සංගණනය සඳහා වියදම් වී ඇතැයි පළවන වියදම් වාර්තා සම්බන්ධව කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ඊයේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය.

    එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙම කාර්යය සඳහා අවම වැයවීමක් යටතේ කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත්ය.

    එමෙන්ම බොහෝ කාලයක පටන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන සත්ව හානිය පිළිබඳව තොරතුරු වාර්තා වුවද ඒ සඳහා මේ දක්වා නිවැරදි තක්සේරුවක් නොකිරීම මත මෙම සංගණනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇතැයිද ඒ තුළින් නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවත් ඒ මහාතා මෙහිදී පැවසීය.

    එමෙන්ම මෙම සංගණනය සඳහා දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් මෙන්ම ග්‍රාමීය මට්ටමින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇතැයිද පැවසූ වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ග්‍රාමීය මට්ටමේදි නිලධාරීන් සිව් දෙනෙකු ග්‍රාම නිලධාරී ප්‍රධානත්වයෙන් මෙම කාර්යය සඳහා දායකත්වය සපයනු ඇති බවත්ය.

    “මේ තුළින් අපි ලබා ගන්නා තොරතුරු රටේ ඉදිරි තීරණ ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. එය කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන හානි අවම කර ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටත් ඉවහල් වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා ඉතාමත් අවම වැය බරක් දරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන නිලධාරීන් මගින් තමයි අපි මේ කටයුත්ත කරන්නේ. මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් ඉතාමත් සහනදායි මිලකට අපිට ලබා දීලා තියෙනවා.

    මේ සංගණනය සඳහා බොහෝ වියදමක් සිදුකර ඇතැයි සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ වෙනවා. නමුත් ඇත්තටම මේ එක පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා අපිට ශත 30ක වගේ මුදලක් තමයි වැය වෙලා තියෙන්නේ. අපිට ප්‍රධාන වශයෙන් වැය බරක් හැටියට පත්‍රිකා මුද්‍රණය පමණක් වෙන අතර සමහර ප්‍රවාහන කටයුතු සඳහා යම් යම් වියදම් හැරුණු කොට වෙනත් කිසිදු වියදමක් ඇතුළත් වෙන්නේ නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.