Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාර් රථයක් යෝධ ඇළට වැටෙයි – දෙදෙනෙක් මරුට
    Featured

    කාර් රථයක් යෝධ ඇළට වැටෙයි – දෙදෙනෙක් මරුට

    By LFNMarch 11, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ග සංඥා කණුවක ගැටී යෝධ ඇළට පෙරළී සිදුව අනතුරකින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් තිබේ.

    එම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත.

    ඊයේ (10) රාත්‍රී එම අනතුර සිදුව තිබුණේ බකමූණ පොලිස් වසමේ නාඋල ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේදීය.

    අනතුරින් මියගිය රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටත්, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති අතර මෝටර් රථය ගොඩට ගැනීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වෙයි.

    මෘත ශරීර බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බකමූණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    මේ අතර නාඋල පොලිස් වසමේ නාඋල බකමූණ මාර්ගයේ මොරගහකන්ද ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන් කල තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

    අද (11) අලුයම් කාලයේදී එම අනතුර සිදුව තිබුණි.

    එලෙස මියගොස් ඇත්තේ, 47 හැවිරිදි පුද්ගලයෙක් හා 41 හැවිරිදි කාන්තාවකි.

    ඔවුන් රෝහල් හංදිය, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව පොලීසිය පවසයි.

    මෙම පිරිස කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    අනතුරින් පසු සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ලොරි රථය සමඟින් පළාගොස් ඇත.

    මේ අතර මීගහතැන්න වලල්ලාවිට මාර්ගයේ මාකලන්දාව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගහතැන්න රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 202603 Views

    2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව…

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.