Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සතුන් දඩයම් කළ කල්ලියක් පොලීසියට කොටු වෙයි
    Featured

    සතුන් දඩයම් කළ කල්ලියක් පොලීසියට කොටු වෙයි

    By LFNMarch 10, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සතුන් දඩයම් කළ සැකකරුවන් හයදෙනකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් ඊයේ (09) අළුයම සතුන් දඩයම් කිරීම සඳහා යහලතැන්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඒ සම්බන්ධව පොලීසියට දැනුම්ද දී ඇත.

    ඒ අනුව, පේරාදෙණිය පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි නිළධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී වෙඩි තබා මරණ ලද ඌරෙකු සහ සතුන් දඩයම් කිරීමට ජිප් රථයකින් පැමිණ සිටි පුද්ගලයින් හයදෙනෙකු සිට ඇත.

    ඒ අනුව එම සැකකරුවන් හයදෙනා ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 පතරොම් 03ක්, එම හිස්කොපු 03ක්, පොරවක්, අත්පොරවක් ඩ්‍රැගන් ලයිට් 02ක් හා පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28ත් 71ත් අතර වයස්වල පසුවන මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    සිදුකළ වැඩිදුර විමර්ශනයේදී යහලතැන්න ප්‍රදේශයේ මාර්ගය අයිනේ කැලෑබද ස්ථානයක රඳවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් සොයා ගෙන ඇත.

    මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පේරාදෙණිය පොලිස් ස්ථානය මගින් මාවතගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

    ඒ අනුව මාවතගම පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් ඉහත එක් සැකකරුවෙකු පදිංචිව සිටින මාවතගම කොටිකාපල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කර ඇති අතර එම නිවසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි 04ක්, එම පතරොම්, රිවොල්වර් අවියක්, අත්පොරවල් 03ක්, යුද හමුදා ඇදුමට සමාන ඇඳුම් කට්ටලයක්, විග් එකක්, අත්විලංගු ජෝඩු 02ක් හා වායු පිස්තෝලයක් ඇතුලු දෑ සොයා ගෙන ඇත.

    පේරාදෙණිය පොලීසිය හා මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 202603 Views

    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/…

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.