Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊ-සිගරට්ටුව බිව්වොත් වැඩවරදී
    Featured

    ඊ-සිගරට්ටුව බිව්වොත් වැඩවරදී

    By LFNMarch 10, 2025No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වේප් හෙවත් ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටුව නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය වුණි.

    එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් සුරා බදු දෙපාර්තමේන්තුව පැවසීය.

    මේ අතර, සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වන දා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    මුදල් කාරක සභාවේදී අදහස් දක්වමින් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා මේ බව පැවසීය.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේ ලංකාවේ සිගරට් බද්ද එන්න එන්න අඩුවෙන බවක් පෙනී යන බවය.

    එමෙන්ම දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන ලෙස ද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී උපදෙස් ලබාදුනි.

    මෙයට පිළිතුරු ලබාදුන් සේනානායක මහතා,

    “සුරාබදු, VAT, SSCL සහ බදු වර්ග කිහිපයක් තියෙනවා. දැනට 40%ක් තියෙන ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වනදා සිට 45%ක් දක්වා වැඩිවෙනවා. 2018 වගේ සිගරට් විකුණුම බිලියන 3.1ක්. ඒක තමා අඩුවෙලා තියෙන්නේ බිලියන 2ක් වගේ.”

    ප්‍රශ්නය – සිගරට් එකක ගෝලීය මිණුම් ලකුණ කුමක් ද ? 75%ක් කියලා තමා මෙතෙන තියෙන්නේ.”

    “සභාපතිතුමා මේකේ රජය සහ සමාගම අතර මිල තීරණය කරන්න ක්‍රමයක් නෑ දැනට. අපි බද්ද දැම්මට මිල තීරණය කරන්නේ ආයතනය. ඒ හේතුව නිසා මේ ගෝලීය මිණුමට අපිට යන්න බැරිවෙලා තියෙන්නේ. 66% – 71% වගේ මට්ටමක අපි ඉන්නේ.”

    ප්‍රශ්නය – අපි 2015 – 2019 වෙනකල් ඉඳලා තියෙනවා. 2021 අපි එතැන ඉඳලා තියෙනවා.

    වේප් (ඉලෙක්ට්‍රොනික සිගරට්) නියාමනය වෙනවා ද ?

    “ඒක නීතිවිරෝධීයි. අපි ඒක දැනගත්තහම අත්අඩංගුවට ගන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 202600 Views

    ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී  වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව…

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026

    මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනා සහෝදරයෙක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.