Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්පෝට් අලුත් කරන්න විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ
    Featured

    පාස්පෝට් අලුත් කරන්න විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ

    By LFNMarch 10, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

    විදේශයන් හී පවතින මෙරට තානාපති සහ මහකොමසාරිස් කාර්යාල වෙත එම අයදුම්පත් ලැබී ඇති අතර ඒවා වසර දෙකකට ආසන්න කාලයක සිට ලැබී ඇති බව සඳහන්ය.

    ඇතැම් පුද්ගලයින්ට තම විදෙස් ගමන් බලපත්‍රයේ කාලය ඉක්මවීම ‍හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට ද සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    විදේශ ගතව සිටින ශ්‍රමිකයින්ට සහ අධ්‍යාපනය ලබන සිසුන්ට ද ඉදිරි කටයුතු කරගෙන යාමට ඒ හේතුවෙන් ගැටලු මතුවී ඇති බව සඳහන්ය.

    එම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාවක් ද සිදුකර තිබේ.

    කෙසේවෙතත් මේ මාසය අවසන්වීමට පෙර මෙම ගැටලුව හැකිතාක් දුරට විසඳීමට කටයුතු කරන බවද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අර්බුදය නිර්මාණය කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව නොවන බව ද අවධාරණය කළේය.

    මේ අතර විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීමේ දී සහ විදෙස් රැකියා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ දී අතර මැදියන්ගේ සහාය ලබා නොගන්නා ලෙස ද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.