Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරුවන්ට කායික දඬුවම් තහනම් කිරීමේ පනතක්
    Featured

    දරුවන්ට කායික දඬුවම් තහනම් කිරීමේ පනතක්

    By LFNMarch 9, 2025No Comments2 Mins Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන්ට කායික දඬුවම් සිදුකිරීම තහනම් කරන පනතක් කඩිනමින් සම්මත කරගැනීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

    ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර ලෙසය.

    විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

    “අපි යෝජනා කරනවා මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර මූලික අයිතිවාසිකම්වලට විශේෂිතව ළමා අයිතිවාසිකම් එහෙම නැතිනම් ළමුන්ගේ අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ අනිවාර්යෙන්ම ඇතුළු විය යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත්කරවා එපමණක් නොවෙයි අපි යෝජනා කරනවා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ, ළමා අයිතිවාසිකම් පිළිබඳ අපි රටක් හැටියට එකඟවෙලා තිබෙන ඒ අවබෝධතාවයන්, ගිවිසුම් ශක්තිමත්න ක්‍රියාත්ම කරන්නට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන් යෝජනා කරනවා මේ රටේ ළමුන්, දරු පරපුර වෙනුවෙන් වෙනම සහ කාන්තා පරපුර වෙනුවෙන් වෙනම විශේෂ ජනාධිපති කාර්යසාදක බළකා දෙකක් ප්‍රකාශයට පත්කරලා ක්‍රියාවට නංවන්න ඕනේ.”

    අනතුරුව හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළේය.

    “අපි දන්නවා නීති පද්ධතියක් තිබිය යුතුයි. කාන්තාවගේ ආරක්ෂාවට එය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වියයුතුයි. විපක්ෂනායකවරයා කියූ විදිහට ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම බලන්න ඕනේ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවී නීතියෙන් විතරක් කොළවල ලියලා මේ අයිතිය තහවුරු කරන්න පුළුවන්ද ? මේ ආකල්ප හැදෙන්න කොයි කාලෙද ? ළමා කාලේ. එතකොට ළමයාගේ ආකල්ප වර්ධනය වෙන්නේ කොහොමද ? ඔහු පරිසරයේ දකින දේවල් අනුව. එහෙම නම් කාන්තාවට ආරක්ෂිතව ඉන්න, කාන්තාවට ගරුසරු ඇතිකරන සමාජයක් බිහිවෙන්න නම් ඒක ආරම්භ වෙන්නේ ගෙදරින්. එහෙමනම් නීතිරීතිත් හදමු, ව්‍යවස්ථාත් හදමු නමුත් මම හිතනවා සෑම අම්මා කෙනෙක්මට, තාත්තා කෙනෙක්ටම තමන්ගේ පිරිමි ළමයාට ඉගැන්නුවානම් කාන්තාවට ගරුකකරන්න පොඩිකාලයේදී මම හිතන්නේ පරම්පරාවක් දෙකක් වැඩිහිටියෝ වෙනකොට කාන්තාවගේ ආරක්ෂාවට නීතිවෙනුවෙට සමාජයේ පිරිමි ඉදිරිපත්වෙන සමාජයක් ඉදිරයේදී නිර්මාණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන්ට හානිකර හානි කර කායික දඬුවම් තහනම් කරන්නට අවශ්‍ය වෙනවා මෙන්න මේ කායික දඬුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමේදී මා කියන්නට ඕනේ ඒ සම්බන්ධයෙන් පනතක් නිර්මාණය වෙලා තියෙනවා එය පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ ඇමතිවරයා විදිහට මා පියවර ගන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.