Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට අඩුමිලට නව මත්පැන් බෝතලයක්?
    Featured

    නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට අඩුමිලට නව මත්පැන් බෝතලයක්?

    By LFNMarch 9, 2025No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා පැවසුවේ මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බවය.

    එමගින් රජයට හිමිවන බදු ආදායම අහිමි වී ඇති අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා මෙහිදී සඳහන් කළේය.

    “මන්ත්‍රීවරයා කිව්වා නීතිවිරෝධී මත්පැන්වලට ජනතාව හැරෙනවා කියලා. ඒක ඇත්ත එදා ඉදන්ම මේක තිබුණා. මොකද මත්පැන් මිල වැඩිවෙනකොට ඒ පැත්තට යනවා. නමුත් අපි එය නියාමනය කරනකොට නීතිවිරෝධී මත්පැන් පැත්තට ගිය අයව නිත්‍යානුකූල මත්පැන් පැත්තට ගන්න පුළුවන්. දැන් පුසගිය කාලයේ මොනවා තිබුණත් අවසාන මාස දෙක ඇතුළත අදාළ වැටලීම් කරලා ඒවා මර්ධනය කරන්න පටන් ගත්තා ඒ නිසා තමයි අපේ ආදායම වැඩි වුණේ. බද්ද වැඩි කිරීම නෙමෙයි ආදායම වැඩිවීමට හේතුව. අපි අනික් පැත්තෙන් න්‍යාමනය කරන කොට අපේ ආදායම වැඩිවෙන්න පටන් ගත්තා ඒ නිසා නිෂ්පාදනය වැඩි වුණා. පරිභෝජනය වැඩි වුණා නෙමෙයි නීතිවිරෝධී පැත්තේ තිබුණු වෙළෙඳාම නීත්‍යානූකූල පැත්තට ආවා ඒක තමයි වුණේ. ඒ නිසා මට හිතෙනව තව ඉදිරියේදී මේක තව නියාමනය කරගෙන ගියොත් අපේ ආදායම වැඩිකර ගන්න පුළුවන්.”

    “ඒ වගේම තමයි මම හිතනවා සභාපතිතුමා… දැන් යම් කිසි මිලකට දෙන්න පුළුවන් අඩුමිලට හොයන පාරිභෝගිකයා ගැලපෙන විදිහට ඒ මිලට අලුත් මත්පැන් එකක් හදන්න පුළුවන් වුණොත් අපිට බිලියන 50කින් විතර ආදායමකට යන්න පුළුවන්. ඒක මම දැන් මගේ නිලධාරී එක්ක සාකච්ඡාකරලා ඒකට අදාළ යෝජනාවක් ගෙන්නලා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා.”

    එහිදී අදහස් දැක්වූ සුරාබදු නිලධාරී ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ 2022 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ සැර මත්පැන් භාවිතය වාර්ෂිකව අඩුවෙමින් පවතින බවය.

    නීතීවිරෝධී මත්පැන්වල තිබෙන්නා වූ අහිතකර ද්‍රවන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා මෙම නව මත්පැන් බෝතලය හඳුන්වා දීමට කටයුතු කරන බව ජයන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.

    මෙහි පළමු අදියර ලෙස මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට අවධානය යොමුව ඇති අතර එමගින් රුපියල් බිලියන 50ත් 100ත් අතර බදු ආදායමක් ද ලබාගත හැකි බව සුරාබදු නිලධාරි ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 202600 Views

    ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී  වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව…

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026

    මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනා සහෝදරයෙක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.