ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 1988/89 කාලවකවානුවේ සිය ජීවන අත්දැකීම් ද අලළා රචනා කළ “සඳේ ගින්දර” නම් නවකථාව ඊයේ (07) එළිදැක්විය.
ඒ, බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදීය.
එහිදී අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිටම පටු ප්‍රතිපත්තිවලින් සමන්විත වූ දේශපාලන පක්ෂයක් බවය.