Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් ආරක්ෂිත කරන්න යයි
    Featured

    අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් ආරක්ෂිත කරන්න යයි

    By LFNMarch 7, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඒ සියල්ල මෙම වසර ඇතුළතදී ආරක්ෂිත කිරිමට කටයුතු කරන බව සභානායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ අද (7) පැවැත්වෙන අයවැය කාරක සභා විවාදය අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

    අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ආරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව හෙතෙම පැවසීය.

    එමෙන්ම හොඳ ප්‍රවාහනයක් ඇතිකිරීමට කාලයක් ගතවුවත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න එතරම් කාලයක් ගතකළ යුතු නැති බවද ඔහු මෙහිදී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා,

    “අපේ රටේ විශාල වශයෙන් තියෙනවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග. අදත් ත්‍රිරෝද රථයක් හැප්පිලා තියෙනවා අලුත්ගම ප්‍රදේශයේ.

    අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග හාරසිය ගණනක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා මාර්ග ආරක්ෂාකරණ වැඩපිළිවෙල ඇතුළේ ලබන මස වෙනකොට ජනතා සහභාගිත්වයත්, පෞද්ගලික අංශයත් සම්බන්ධකරගෙන මේ වසර ඇතුළතදී ලංකාවේ අනාරක්ෂිත යැයි සම්මතව තිබෙන දුම්රිය හරස් මාර්ග සියල්ල ආරක්ෂිත කරන්න.

    ඒක අපට තිබෙන වගකීමක්. හොඳ ප්‍රවාහනයක් ඇතිකරන්න කාලයක් ගියත්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න එච්චර කාලයක් ගතකළ යුතු නෑ” යැයි පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.