Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට
    Featured

    විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට

    By LFNMarch 6, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය 2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

    ප්‍රධාන වශයෙන් මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව මූල්‍ය වාර්තා පෙන්නුම් කරයි.

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලට අනුව 2024 දෙසැම්බර් 31න් අවසන් කාර්තුවේ දී මණ්ඩලයේ ආදායම රු. බිලියන 111.80ක් ලෙසින් වාර්තා වී ඇත. එය 2023 සමාලෝචිත කාර්තුවේ ආදායම් අගය වූ රු. බිලියන 156.25ට වඩා 28%ක පහළ යාමකි. මේ අතර මණ්ඩලයේ විකුණුම් පිරිවැය රු. බිලියන 78.03 සිට රු. බිලියන 116.29ක් දක්වා 49%කින් මෙම කාර්තුව තුළ දී ඉහළ ගොස් තිබේ.

    මෙම තත්ත්වය තුළ 2023 දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 78.22ක් ලෙසින් සටහන්ව තිබූ මණ්ඩලයේ දළ ලාභය පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 4.49ක දළ අලාභයක් දක්වා 106% කින් පහළ ගොස් තිබීම විශේෂත්වයකි. මෙකී වාතාවරණය මධ්‍යයේ මණ්ඩලයට රු. බිලියන 3.04ක මෙහෙයුම් අලාභයක් විඳ දරා ගැනීමට පසුගිය 2024 අවසන් කාර්තුවේ දී සිදුව තිබේ. 2023 දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 91.97ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට මණ්ඩලය සමත්ව තිබුණි.

    කෙසේවෙතත් මූල්‍ය ආදායම් සහ පිරිවැය ගැළපීමෙන් පසු විදුලිබල මණ්ඩලය 2024 දෙසැම්බර් කාර්තුව තුළ දී වාර්තා කර ඇති ශුද්ධ ලාභය රු. මිලියන 603ක් වශයෙන් සටහන්ව ඇත. මෙය 2023 අවසන් කාර්තුවේ ශුද්ධ ලාභ අගය වූ රු. බිලියන 77.97ට වඩා 99% ක පහළ යාමකි.

    මේ අතර සමස්තයක් ලෙස 2024 වසර සැලකීමේ දී විදුලිබල මණ්ඩලය රු. බිලියන 144.39ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය 2023 වසරේ සමස්ත ශුද්ධ ලාභ අගය වූ රු. බිලියන 57.63ට වඩා 151%ක දැවැන්ත වර්ධනයකි. පසුගිය 2024 වසරේ මුල් කාර්තුවල දී අවස්ථා කිහිපයක දී සිදුකරන ලද විදුලි මිල සංශෝධනයන් හරහා මණ්ඩලයේ ආදායම් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.