Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවීන තාක්ෂණයෙන් යුත් Speed Gun පොලීසියට
    Featured

    නවීන තාක්ෂණයෙන් යුත් Speed Gun පොලීසියට

    By LFNMarch 5, 2025No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ.

    රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බව පොලීසිය පවසයි.

    මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී.

    පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ තුළින් රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ මෝටර් රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මේ හරහා ලබාගත හැකි බවය.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර මනෝජ් රණවල මහතා,

    ” 2020 ඉදලා 2024 දක්වා ගත්තොත් මාර්ග රිය අනතුරු වෙනවා 11,617ක්. බරපතල රිය අනතුරු වෙනවා 33259ක්. 12,322ක් මැරෙනවා.”

    “2025 අවුරුද්දේ පෙබරවාරි 26 වනදා වන විට 341ක් මිය යනවා. මේ මිය යන්නේ නිරෝගි මිනිස්සු.”

    “මේ රිය අනතුරු අවම කර ගැනීමට තමයි මේ Speed Gun එක ගෙනාවේ.”

    “බොහොමයක් රිය අනතුරු වලට හේතුවක් වෙලා තියෙන්නේ අධික වේගය.”

    මේ නවතම Speed Gun එක ගෙනාවේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

    “තක්ෂණය අතින් ඉහළම වේග මාපක යන්ත්‍රයක්. මේක ටු කෑම් කියලා කියන්නේ. නයිට් විෂන් තියෙනවා. කිලෝ මීටර් 1යි මීටර් 200ක් දුරට වදිනවා. ”

    “මේ යන්ත්‍රයෙන් රියදුරාගේ ෆොටෝ එක, වාහනේ අංකය, වේගය සඳහන් වෙනවා. ඒ වෙලාවෙම ඒක පෙන්වන්න පුළුවන්. කාටත් නෑ කියන්න බෑ. ”

    “මේ වීඩියෝ එක සාක්ෂියක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ”

    “ලංකාව පුරාම භාවිතා කරනවා, දැනට 30 ක් ගෙනාවා. රුපියල් ලක්ෂ 33ක් වෙනවා. දැනට කොට්ඨාස 30කට බෙදලා දීලා තියෙනවා. තව 15 ක් ගෙන්න ඇනවුම් කරලා තියෙනවා. එතකොට කොට්ඨාස 45ටම දෙන්න පුළුවන්”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,308 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 202502 Views

    දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව…

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.