Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවීන තාක්ෂණයෙන් යුත් Speed Gun පොලීසියට
    Featured

    නවීන තාක්ෂණයෙන් යුත් Speed Gun පොලීසියට

    By LFNMarch 5, 2025No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ.

    රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බව පොලීසිය පවසයි.

    මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී.

    පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ තුළින් රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ මෝටර් රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මේ හරහා ලබාගත හැකි බවය.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර මනෝජ් රණවල මහතා,

    ” 2020 ඉදලා 2024 දක්වා ගත්තොත් මාර්ග රිය අනතුරු වෙනවා 11,617ක්. බරපතල රිය අනතුරු වෙනවා 33259ක්. 12,322ක් මැරෙනවා.”

    “2025 අවුරුද්දේ පෙබරවාරි 26 වනදා වන විට 341ක් මිය යනවා. මේ මිය යන්නේ නිරෝගි මිනිස්සු.”

    “මේ රිය අනතුරු අවම කර ගැනීමට තමයි මේ Speed Gun එක ගෙනාවේ.”

    “බොහොමයක් රිය අනතුරු වලට හේතුවක් වෙලා තියෙන්නේ අධික වේගය.”

    මේ නවතම Speed Gun එක ගෙනාවේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

    “තක්ෂණය අතින් ඉහළම වේග මාපක යන්ත්‍රයක්. මේක ටු කෑම් කියලා කියන්නේ. නයිට් විෂන් තියෙනවා. කිලෝ මීටර් 1යි මීටර් 200ක් දුරට වදිනවා. ”

    “මේ යන්ත්‍රයෙන් රියදුරාගේ ෆොටෝ එක, වාහනේ අංකය, වේගය සඳහන් වෙනවා. ඒ වෙලාවෙම ඒක පෙන්වන්න පුළුවන්. කාටත් නෑ කියන්න බෑ. ”

    “මේ වීඩියෝ එක සාක්ෂියක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ”

    “ලංකාව පුරාම භාවිතා කරනවා, දැනට 30 ක් ගෙනාවා. රුපියල් ලක්ෂ 33ක් වෙනවා. දැනට කොට්ඨාස 30කට බෙදලා දීලා තියෙනවා. තව 15 ක් ගෙන්න ඇනවුම් කරලා තියෙනවා. එතකොට කොට්ඨාස 45ටම දෙන්න පුළුවන්”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.