Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව රිට් පෙත්සමක්
    Featured

    ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව රිට් පෙත්සමක්

    By LFNMarch 3, 2025No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

    මෙම පෙත්සම අද (03) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම ජූනි මස 12 වනදා විභාගයට ගන්නා බවය.

    මෙම පෙත්සම ගොනු කර තිබුණේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම විසිනි.

    පෙත්සම්කාර සමාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සියලු රාජ්‍ය ආයතන විසින් අවශ්‍ය අනුමැතිය ලබාදී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා සිදු කරන බවය.

    මෙම ඉදිකිරීම් සිදු කරන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ බලයට යටත් වන ප්‍රදේශයක් බවත් එහි කටයුතුවලට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

    මෙම බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් එම ව්‍යාපෘතිය සඳහා බාධා කිරීම් හා අනිසි මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ගම්පොළ ප්‍රාදේශීය ලේකම්, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය ඇතුළු පිරිසක් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.