පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදන ආයතන සමග සාකච්ඡාවක් පසුගිය 25 වැනිදා පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
කර්මාන්ත සහ ආහාර සඳහා භාවිතා කරන ලුණු උසස් තත්ත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම සඳහා මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණි.
වෙෙළඳපොලේ අලෙවියට ඇති ලුණු මිල ගණන් සම්බන්ධව අධිකාරිය මගින් සිදුකරන ලද මිල සමීක්ෂණයන්ට අනුව, පසුගිය කාලසීමාව තුල විවිධ මිල ගණන් යටතේ ලුණු අලෙවි වීමත්, කාලීනව ඇතිවූ ලුණු හිඟය සහ කර්මාන්තය මුහුණදෙන ගැටලු සම්බන්ධවත් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
රජයේ සහ ප්‍රමුඛපෙලේ ලුණු නිෂ්පාදකයින් ඇතුළු ආයතන දහ අටක් සමග සිදු කළ මෙම සාකච්ඡාවේදී දැනට පවතින වෙෙළදපොළ තත්ත්වය මත පාරිභෝගිකයා අපහසුතාවට ලක් නොවන පරිදි මිල ගණන් පවත්වාගෙන යාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී.
ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය වන ලුණු වෙෙළඳපොළට පැමිණීමට නියමිත බැවින් මාර්තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට එම ලුණු අලෙවි විය හැකි බව නිෂ්පාදකයන් විශ්වාසය පල කළ අතර එතෙක් තවදුරටත් මිල ඉහල යාමකින් තොරව මිල ස්ථාවරව පැවතිය යුතු බවට අධිකාරිය සිදුකරණ ලද ඉල්ලීමට ඔවුන් මෙහිදී එකගතාවය පල කර තිබේ.