Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අල්ලස් ගත් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෙකුට සිර දඬුවම්
    Featured

    අල්ලස් ගත් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෙකුට සිර දඬුවම්

    By LFNMarch 2, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස් වශයෙන් රුපියල් 11,000/-ක් ලබා ගත් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයෙකුට සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ අංක 04 හි විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කර තිබේ.

    මීරිගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ CCTV කැමරා 30ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයෙන් බදු ගෙවීමකින් තොරව නිදහස් කර ගැනීමට අදාළ පැමිණිලිකරුගෙන් රුපියල් 11,000ක අල්ලස් මුදලක් ලබා ගත් චෝදනාව යටතේ අල්ලස් කොමිසම විසින් මෙම තැපැල් සේවකයාට එරෙහිව නඩු පවරනු ලැබීය.

    ඒ අනුව චෝදනා 04ක් සඳහා වරදකරු වූ එම සේවකයා සඳහා එක් චෝදනාවකට වසර 07 බැගින් චෝදනා 04 සඳහා වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර එම සිරදඬුවම් එකවර වසර 07කින් ගෙවී යන ලෙසද නියම කර තිබේ.

    තවද චෝදනා සඳහා රුපියල් 5,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා විසින් එය නොගෙවන්නේ නම් මාස 06 බැගින් ලිහිල් සිරදඬුවම් ද නියම කළේය.

    එමෙන්ම රුපියල් 11,000ක දණ්ඩන මුදලක් ද නියම කිරීමටත් තෙවන චෝදනාවට රුපියල් 11,000/- දඩයක් නියම කිරීමටත් විනිසුරුවරයා නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.