Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාකිස්තාන මහ කොමසාරිස් සහ කතානායක අතර හමුවක්
    Featured

    පාකිස්තාන මහ කොමසාරිස් සහ කතානායක අතර හමුවක්

    By LFNMarch 2, 2025No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (28) සිදුවිය.

    මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී විය.

    මෙහිදී පාකිස්තාන මහ කොමසාරිස් ෆහීම් උල් අසීස් මහතා, පාකිස්තානයේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කථානායකවරයාට පාකිස්තාන ජාතික සභාවේ කථානායකවරයා විසින් සිදු කරන ලද ආරාධනය ඉදිරිපත් කළේය.

    එහිදී අදහස් දැක්වූ ඒ මහතා අවධාරණය කළේ විශේෂයෙන්ම වෙළඳ හා සංචාරක ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම ඉතා වැදගත් වන බවය.

    එමෙන්ම ද්විපාර්ශ්වික වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා තවදුරටත් අවධාරණය කළේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මට්ටම් වලදී පාකිස්තානය විිසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳ කථානායකවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය.

    එමෙන්ම පාකිස්තානයේ ලාහෝර් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපීය පළමු ඒකාබද්ධ සමුළුවට සහභාගී වීම සඳහා ලාහෝර් වෙත කළ සංචාරය සිහිපත් කළ කථානායකවරයා සංචාරය අතරතුර පාකිස්තාන රජය දැක්වූ ආගන්තුක සත්කාරයට සිය කෘතඥතාව පළ කළේය.

    තවද, බුදුරජාණන් වහන්සේගේ ධාතූත් වහන්සේලා ආරක්ෂා කිරීම ඇතුළු පාකිස්තානයේ පවතින බෞද්ධ උරුමයන් සුරැකීම සඳහා එරට රජයේ දායකත්වයද කථානායකවරයාගේ ඇගයීමට ලක්විය.

    ශ්‍රී ලංකා- පාකිස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම සහ අවබෝධතා ගිවිසුම් හරහා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.