බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
මූතූර් ප්‍රදේශයේ දී අද (01) මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
තුවලකරුවන් 33 දෙනාගෙන් 18 දෙනෙකු කාන්තාවන් අප වාර්තාකරු පැවසීය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, මිනුවන්ගොඩ සිට සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වැදපුදා ගැනීම සඳහා වන්දනාකරුවන් රැගෙන ගිය බස්රථයකි.