Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලීසියේ 40%කට බෝ නොවන රෝග – වැඩබලන පොලිස්පති

    July 20, 2025

    ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි

    July 20, 2025

    විපක්ෂයේ දේශපාලන රික්තකය පුරවන්න සජබය සූදානමින්

    July 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තෙල් පර්යන්තවලින් අද බවුසර් පිට වූ හැටි
    Local News

    තෙල් පර්යන්තවලින් අද බවුසර් පිට වූ හැටි

    By LFNMarch 1, 2025No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින්නේ කිසියම් කණ්ඩායමක් පමණක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.

    අද (1) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා පවසා සිටියේ, අද (1) උදෑසන 7 වනවිට මුදල් ගෙවා ඇණවුම් ලැබූ 2924ක් මේ වනවිට බෙදාහරිමින් තිබෙන බවයි.

    මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ ඩී. ජේ. රාජකරුණා මහතා,

    “අද වෙනකොට මුදල් ගෙවා CPC එකෙන් ඇණවුම්කරලා තියෙනවා ලෝඩ් 1696ක්. ඒ වගේම IOC එකෙන් 471ක්, Sinopec එකෙන් 391ක්, RM Park එකෙන් 366ක්. ඒ කියන්නේ 2924ක් අද දවසේ මුදල් ගෙවලා සාමාන්‍ය පරිදිම බෙදාහරිමින් පවතිනවා.

    කොළොන්නාවට ඇවිල්ලා තිබුණා බවුසර් 140ක් පමණ. ඉන් 60කට අධික ප්‍රමාණයක් පිටවෙලා තියෙනවා. සාමාන්‍ය විදිහටම රටේ බේදාහැරීම් කටයුතු සිද්ධ වෙනවා.

    කණ්ඩායමක් විතරයි මේ සිද්ධියට සම්බන්ධ. එයාලා කිව්වේ ඊයේ (28) රාත්‍රියේ සිට තෙල් ඇණවුම් කරන්නේ නෑ කියලා. නමුත් අද උදේ 7 වෙනකොට ඒ අය ඇණවුම් කළ ප්‍රමාණය.

    මේකත් එක්ක ගත්තාම රටේ ගැටළුවක් ඇතිවෙන්න කිසිම හේතුවක් නෑ. රටේ ජනතාව කලබලවෙන්න කිසිම හේතුවක් නෑ” යැයි පැවසීය.

    මේ අතර අද පෙරවරුවේ කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් පර්යන්තවලින් බවුසර් රථ පිටත්ව ගිය අයුරු දැකගත හැකිවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලීසියේ 40%කට බෝ නොවන රෝග – වැඩබලන පොලිස්පති

    July 20, 2025

    ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි

    July 20, 2025

    නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

    July 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,320 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,511 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,024 Views
    Don't Miss

    පොලීසියේ 40%කට බෝ නොවන රෝග – වැඩබලන පොලිස්පති

    July 20, 20250119 Views

    පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා…

    ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි

    July 20, 2025

    විපක්ෂයේ දේශපාලන රික්තකය පුරවන්න සජබය සූදානමින්

    July 20, 2025

    නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

    July 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.