Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැහැ – එරට ශ්‍රී ලංකා තානාපති

    March 1, 2026

    සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

    March 1, 2026

    අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඉන්ධන ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දෙයි

    March 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
    Local News

    විදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    By LFNFebruary 28, 2025No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින් වෙත විදුලි සම්බන්ධතා ලබාදීමේදී අය කරනු ලබන තැන්පතු මුදල සඳහා වාර්ෂික පොලී ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම මණ්ඩලයට අද (28) නියෝග කළේය.

    විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එස්. තුරෙයි රාජා, සෝභිත රාජකරුණ සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදුලි බල පනතේ 28(2) වගන්තිය යටතේ විදුලි සම්බන්ධතා ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් අය කරගන්නා තැන්පතු මුදල වෙනුවෙන් වාර්ෂිකව පොලියක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය බැඳි සිටින බවය.

    ඉකුත් වසරේ ජනවාරි මස 30 වනදා අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබුණේ 2023 වසරේ ජනවාරි මස 01 වනදා සිට 2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති 11.67% ක වාර්ෂික පොලිය ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම සෙසු ගනුදෙනුකරුවන්ට ගෙවීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී තිබෙන බවත් ය.

    මෙම නඩු කරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියම කළේ මෙම මෝසම තුළින් එකඟ වී තිබෙන පරිදි කටයුතු කරමින් ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම විශාල වශයෙන් විදුලිය භාවිත කරන පාර්ශවයන්ටත් ශ්‍රී ලංකාව මහා බැංකුව විසින් නිර්ණය කරනු ලබන පොලී අනුපාතිකයන් යටතේ වාර්ෂික පොලී ගෙවීමට කටයුතු කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැහැ – එරට ශ්‍රී ලංකා තානාපති

    March 1, 2026

    සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

    March 1, 2026

    අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඉන්ධන ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දෙයි

    March 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නැහැ – එරට ශ්‍රී ලංකා තානාපති

    March 1, 20260118 Views

    මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයෙන් ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව එරට ශ්‍රී…

    සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්

    March 1, 2026

    අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඉන්ධන ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දෙයි

    March 1, 2026

    ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි

    March 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.