Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් ලොකු වගකීමක්
    Featured

    දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් ලොකු වගකීමක්

    By LFNFebruary 28, 2025No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවර්ධනය මෙන්ම කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබීමේ වගකීම සියලුදෙනාට පැවරෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිසාපතිවරුන් හමුවේ පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) පැවැතිවූ සාකච්ඡාවේදීය.

    රුපියල් බිලියන 1,400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

    ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%ක් – 4%ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාව පැහැදිළි කළේය.

    රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවත්, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ඊට හේතුවී ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කරමින්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

    2025 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ වැටුප් හා අතිකාල දීමනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    දැනට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් හඳුනාගෙන ඇති අතර කාණ්ඩ වශයෙන් එම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, රාජ්‍ය සේවයේ මැද ස්ථරය එමඟින් සම්පූර්ණ වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    සංවර්ධනය යනු ගොඩනැඟිලි, පාලම් ඉදිකිරීම පමණක් නොවන බවත්, කඩාවැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළ අතර එහි ප්‍රධාන කාර්යභාරයක් දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව පවතින බවද කියා සිටියේය.

    තම දිස්ත්‍රික්කවලට අදාළ ගැටලු මෙහිදී දිසාපතිවරුන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලද අතර ඊට අදාළ විසඳුම් ලබා ගැනීමේ අදහස් සහ යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මෙම අවස්ථාවට එක්විය.

    මේ අතර රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා දායකත්ව ප්‍රවේශයක් ලබාගැනීමේ අරමුණින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ද අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘ ෆ්‍රෑන්ක් මහතාගේ ප්‍රධානත්වයෙන් එම නියෝජිතායතනය සහ ජනාධිපති කාර්යාලය එක්වී සංවිධානය කළ මෙම සංවර්ධන දායකත්ව සම්මන්ත්‍රණ ප්‍රධාන සැසි 03ක් යටතේ පැවැත්විණි.

    බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ජපානය, චීනය, ස්විට්සර්ලන්ත, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය යන තානාපති කාර්යාල සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර ආයතනයන්හි නියෝජිතයන් ගණනාවක් මීට එක්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.