Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති සහ මෙරට ඉතාලි තානාපති අතර හමුවක්
    Featured

    ජනපති සහ මෙරට ඉතාලි තානාපති අතර හමුවක්

    By LFNFebruary 27, 2025No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතාලි රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා පවසා තිබේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර හමුවක් අද (27) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම අදහස් පළකර ඇත.

    ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබාදෙන බවද ඉතාලි තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබාදිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

    ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඉතාලියේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලංකිකයින්ට නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට දැනට සකස් කර ඇති ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා තිබේ.

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්විය.

    මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා අතර හමුවක් ද අද (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි .

    ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳ මෙන්ම දෙරටේ සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවී තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර හමුවක් ද අද සිදුවූ බවය.

    ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත රජය සූදානම් බවද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති එහිදී පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.