Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

    January 3, 2026

    කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

    January 3, 2026

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාමල් CIDයෙන් පිටවෙයි
    Featured

    නාමල් CIDයෙන් පිටවෙයි

    By LFNFebruary 26, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටවී ගොස් තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

    ඒ අනුව පැය 05කට අධික කාලයක් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබේ.

    2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පසුගිය සමයේ චෝදනා එල්ල වුණි.

    ඒ එයාර්බස් සමාගමට අදාළව විදෙස් අධිකරණයක පැවති නඩු කටයුත්තකට ඉදිරිපත් වී තිබූ ලිපිලේඛන හරහාය.

    එම ලිපිලේඛනවල එයාර් බස් සමාගම විසින් මෙම ගුවන් යානා අලෙවි කිරීමට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මියට අල්ලසක් ලබාදී ඇති බවට සඳහන් වේ.

    එම තොරතුරුවලට අනුව මෙම ගුවන් යානා ගනුදෙනුව සිදුකිරීමට පෙර එයාර්බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 16ක අල්ලස් මුදලක් කපිල චන්ද්‍රෙස්න මහතාගේ බිරිඳට ලබාදීමට සාකච්ඡා කර ඇති අතර ඒ සඳහාම බෘනායි හී පිහිටුවූ සමාගමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් බැර කර තිබෙන බවද අනාවරණ කර තිබුණි.

    ඒ අනුව ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර 2020 වසරේ පෙබරවාරි 06 වනදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    පසුව ඔවුන් ඇප මත මුදා හැරුණු අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යය අඛණ්ඩව සලකා බැලුණි.

    මෙවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,368 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

    January 3, 202605 Views

    කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන, එම යතුරුපැදි නිතී විරෝධි ලෙස අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු…

    කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

    January 3, 2026

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.