Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පෙති රංග අත්අඩංගුවට
    Featured

    පෙති රංග අත්අඩංගුවට

    By LFNFebruary 25, 2025No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර හා අවට ප්‍රදේශ රැසක අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ නිරතත වූ “පෙති රංග” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

    කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් ඊයේ (24) සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත් “පෙති රංග” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

    අදාළ සැකකරු විසින් කළුතර උතුර දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේ සැකකටයුතු ලෙස මෙම ජාවාරම සිදුකර ඇත.

    එම නිවස පරීක්ෂා කිරීමේදී නිවස පිටුපසදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

    ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, මත්කරල් 18ක්, අයිස් මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා භාවිතා කරන කුඩා ප්‍රමාණය ඩිජිටල් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් 50,000ක මුදලක් ද එම ජාවාරම සිදුකරගෙන යාමට භාවිතා කළ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

    සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී නිවසේ මුළුතැන්ගෙයි සිවිලිමේ සඟවා තිබූ තියුණු ආයුධ දෙකක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

    සැකකරු පිළිබඳව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමකින් ලැබෙන බවය.

    සැකකරු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් දාහතක් පමණ දිවයිනේ විවිධ අධිකරණ ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ග විමර්ශනය සිදුවන බවත්,ඉන් බොහොමයක් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවත් පොලීසිය පවසයි.

    සැකකරු විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළුතර උතුර වාඩියමංකඩ, කළුතර දකුණ, පොතුපිටිය, වස්කඩුව, දියගම ආදී ප්‍රදේශවලට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.

    සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමටට නියමිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

    April 29, 2026

    සාමයේ පාගමන නිම කරමින් හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 202603 Views

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට…

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

    April 29, 2026

    දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.