Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 2025

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»කොටහේනේ වෙඩික්කරුට සහාය දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
    Gossip

    කොටහේනේ වෙඩික්කරුට සහාය දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNFebruary 24, 2025No Comments1 Min Read20 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

    ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (23) දහවල් කාලයේදී මෝදර, මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    එමෙන්ම මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතොරොම් ලබා දී ඇති බවටත් අනාවරණය වි ඇත.

    තවද මෙම සැකකරු විසින් පසුගිය 10 වනදා ද කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සඳහා ද ගිනි අවිය ලබා දුන් පුද්ගලයා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    ඉදිරි විමර්ශන සඳහා සැකකරු කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 2025

    නිරුවත් මළ සිරුරක් කුඹුරකින් හමුවෙයි

    August 18, 2025

    බස්වලට AI එයි

    August 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,268 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 20250139 Views

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.…

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025

    ජනපති තැපෑල ගැන කතා කරයි

    August 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.