එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.
ඒ ඊයේ (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම සිදුකර තිබේ.
නවීන් දිසානායක මහතා මින් පෙර ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ මෙන්ම සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයද දැරීය.