Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි කප්පාදුව ගැන ඇමති කනගාටුව පළ කරයි
    Featured

    විදුලි කප්පාදුව ගැන ඇමති කනගාටුව පළ කරයි

    By LFNFebruary 14, 2025Updated:February 14, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම කළමනාකරණය සඳහා සිදුකළ දෛනික විදුලි කප්පාදුව අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

    පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එහි ජනන යන්ත්‍ර 03ම අක්‍රිය තත්ත්වයට පත්විය.

    මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමිවූ අතර ඇතිවූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විදුලි කප්පාදුවක් සිදු කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

    මේ හේතුවෙන් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ පැය එකහාමාර බැගින් මෙන්ම ඊයේ දිනයේ ද පැයක කාලයක් ලෙස දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබිණි.

    කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබීම හේතුවෙන් මෙතෙක් දෛනිකව පැවති විදුලි කප්පාදුව අවසන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය.

    එමෙන්ම නොරොච්චෝලේ සෙසු ජනන යන්ත්‍ර දෙක ද ඉදිරි දිනවලදී ක්‍රමයෙන් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    කෙසේවෙතත් මේ දක්වා සිදුවූ විදුලි කප්පාදුව හේතුවෙන් විදුලි පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳව සිය කනගාටුව පළකරන බව පැවසූ කුමාර ජයකොඩි අමාත්‍යවරයා යළි මෙවැනි තත්වයක් රට තුළ ඇති නොවීම සඳහා අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝකාලීන පියවර ගැනීම සඳහා රජය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

    April 29, 2026

    සාමයේ පාගමන නිම කරමින් හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 202603 Views

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට…

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026

    හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද

    April 29, 2026

    දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.