Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
    Featured

    මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි

    By LFNFebruary 14, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිනුවන්ගොඩදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම යන සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ.

    මිනුවන්ගොඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 2025.02.07 වනදා වෙඩිතබා වයස අවුරුදු 35ක ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

    මෙම අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

    ඒ අනුව ඊයේ (13) දින මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවලදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 350ක් හා ජංගම දුරකථන 05ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 හා 33 යන වයස්වල පසුවන යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

    මෙම සැකකරුවන් තිදෙනා වෙඩිතැබීමට පැමිණි සැකකරුවන්ට ඝාතනය සිදු කිරීමෙන් පසු පලා යෑමට ආධාර අනුබල දීම, නවාතැන් පහසුකම් ලබාදීම හා කුමන්ත්‍රණය කිරීම, අපරාධයට යොදා ගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු යොදා චැසි අංක මකාදමා තොරතුරු වසන් කිරීම මගින් ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

    තවද එක් සැකකරුවෙකුට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බවටද අනාවරණය වී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    මේ අතර මෝදර පොලිස් වසමේ පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 420ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානයට බාරදී තිබේ.

    ඊයේ (13) අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන හැදල වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම සැකකරු 2024.10.16 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසලදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු බවට සැකකෙරෙයි.

    සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු ලෙස සිටිමින් අපරාධ ක්‍රියාවල නිරත වන අයෙකු බවටත් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    සිද්ධිය පිළිබඳ මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202602 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.