Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිපුණි වාසනා ලක්මව රනින් සරසයි

    April 29, 2026

    වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

    April 29, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන යයි
    Featured

    පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන යයි

    By LFNFebruary 13, 2025No Comments1 Min Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පැවසීය.

    කෙසේ වෙතත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇත.

    අතුරුදන්ව ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයකු බවට හදුනාගෙන තිබේ.

    අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා හා තවත් මිතුරන් තිදෙනෙකු සමග පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට ඇත.

    ඔවුන් සමග ඇඹිලිපිටියේ සිට පැමිණි 8 දෙනෙකු ද සිට ඇත.

    කෙසේ නමුත් එක්වරම ඔවුන් සියලු දෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

    ඔවුන් උදව් ඉල්ලා කෑ ගැසීමත් සමග ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් දියේ ගසාගෙන යමින් සිටි 12 දෙනෙකුම බේරාගැනීමට සමත්ව ඇත.

    බේරාගෙන ඇති සියලුම දෙනා වයස අවුරුදු 20ට අඩු තරුණයන් වන අතර, බේරාගත් එක් තරුණයකු 1990 සුවසැරිය ගෙන්වා රෝහල්ගත බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පැවසීය.

    අද දින මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් මුහුදේ රතු ධජ ප්‍රදර්ශනය කර අවවාද නිකුත් කර තිබූ බවද එම ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේය.

    ජීවිත බේරාගැනීමට එක් වූ ජීවිත ආරක්ෂක නිලධාරීන් ද ගිලී ඇති නැවේ ගැටී තුවාල ලබා ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

    April 29, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    නිපුණි වාසනා ලක්මව රනින් සරසයි

    April 29, 202600 Views

    චීනයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී මල්ලවපොර කාන්තා කි.ග්‍රෑ. 50 බර පන්තියේ රන්…

    වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

    April 29, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026

    අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.