Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයට ඔරකල් සමාගමේ සහාය
    Featured

    ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයට ඔරකල් සමාගමේ සහාය

    By LFNFebruary 13, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, පසුගිය (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා සමඟ සාකච්ඡාවකට එක්ව තිබේ.

    ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව ඇත.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කළ අතර, දත්ත ස්වෛරීභාවය සහ නියාමන අනුකූලතාව සහතික කරමින් රජයේ යෙදුම්, විද්‍යුත් පාලන පහසුකම් සහ ජාතික දත්ත පද්ධතියක් සඳහා සත්කාරකත්වය දැරීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරී ඔරකල් ක්ලවුඩ්ස් කලාපයක් ස්ථාපිත කිරීමටත් ජනාධිපතිවරයා ඔරකල් සමාගමට ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.

    ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා ගමන් කිරිම වේගවත් කිරීම අරමුණු කරගත් ෆින්ටෙක් සහ ඩිජිටල් ගෙවීම් පහසුකම් සඳහා මුලපිරීම පිළිබඳවද ජනාධිපතිවරයා සහ ඔරකල් විධායක උප සභාපති මයික් සිසිලියා මහතා අතර සාකච්ඡා කර ඇත.

    මේ සඳහා කොළඹ වරාය නගරයේ ඩිජිටල්කරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමට ඔරකල් සමාගමට ජනපතිවරයා ආරාධනා කළ අතර, එය දකුණු ආසියා කෘත්‍රිම බුද්ධි‍ය (AI) සහ වලාකුළු (Cloud Hub) මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනු ඇත.

    ඒ සඳහා කණ්ඩායමක් ලංකාවට එවන මෙන් ජනපතිවරයා මයික් සිසිලියා මහතාගෙන් ඉල්ලා තිබේ.

    කලාපීය වශයෙන් වන ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය සඳහා වූ ඔරකල් සමාගමේ දැක්මට අනුකූල වන හෙයින් එහි දකුණු ආසියානු කෘත්‍රිම බුද්ධිය ( AI) සහ වලාකුළු (Cloud) මධ්‍යස්ථානය ලෙස කොළඹ වරාය නගරයේ සිය කාර්යාලයක් පිහිටු වීමට ඔරකල් සමාගම දැඩි උනන්දුවක් පළ කරන බව එහි විධායක උප සභාපතිවරයා පවසා ඇත.

    මෙය උපායමාර්ගික පියවරක් ලෙස ශ්‍රී ලංකාවට කෘත්‍රිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වලාකුළු පහසුකමෙහි (AI driven Cloud Solutions) කලාපීය ප්‍රමුඛයෙකු වීමට අවස්ථාව සලසනු ඇත.

    රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ අති නවීන තාක්‍ෂණ ආයෝජන සඳහා මෙය පිටිවහලක් වනු ඇත.

    ඒ අනුව, මෙම සාකච්ඡාවේදී, පාලන කාර්යක්ෂමතාව, ආර්ථික සංවර්ධනය සහ ගෝලීය තරගකාරිත්වය සඳහා නව තාක්‍ෂණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ අතර, ඔරකල් සමාගමට ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමන ක්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ආරාධනා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202602 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.