Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ලස්සන ලෝකයක් සඳහා ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්
    Hot News

    ලස්සන ලෝකයක් සඳහා ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

    By LFNFebruary 13, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවය.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

    “මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපායමාර්ග හා සැලසුම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වෙන මේ සමුළුව අනාගතයේ අපේ යහපැවැත්ම සඳහා ඉවහල් වෙතැයි මම තරයේ විශ්වාස කරනවා. වර්තමානයේ දී අපේ රටවල් මට්ටමිනුත් කලාප මට්ටමිනුත් ලෝක මට්ටමිනුත් මුහුණදෙන ගැටලු අති විශාලයි. සංකීර්ණයි. මේ ප්‍රශ්න නොතකන සමහරු තමන්ගේ ආත්මාර්තකාමී චාරිකාවේ යාත්‍රා කරනවා. එහෙත් අද දවසේ හුදකලා ප්‍රශ්න හෙට දවසේ මුළු ලෝකයේම දොරටුවලට තට්ටු කරන ප්‍රශ්න වෙන බව තම තමන්ගේම හුදකලා චාරිකාව අවසන් කරනවා. ඒ නිසා දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණදීම සඳහා අපි ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව මම යළිත් ඔබගේ අවධානය යොමු කරනවා. මෙම අභියෝගවලට මුහුණදීම සඳහා සහ ගෝලීය ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව තිබෙනවා. ගෞරවනීය අමුත්තනි ඔබ ඇතැම්විට මැද පෙරදිග නියෝජනය කරනවා විය හැකියි. එසේම අප්‍රිකාව, ආසියාව, යුරෝපය හෝ බටහිර රාජ්‍යයන් නියෝජනය කරනවා විය හැකියි. අප සියලුදෙනා මුහුණදෙන ප්‍රශ්න මෙන්ම අපගේ හදවත්වල “ලබ් ඩබ්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු යන්නයි.

    අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුයි කියා මාර්ටින් ලූතර් කිං වරක පවසා තිබෙනවා. අපි අපේ රටේ ජනතාවට අරමුණක් එක් කළා. ඒ ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක් හදන්න එකතු වෙමු කියා. ඉතිහාසගත ලෙස ඔවුන් එය අනුමත කළා. මෙම ඓතිහාසික සමුළුවේදී මම ඔබට ආයාචනා කරනවා අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු.”

    මානව කේන්ද්‍රීය අනාගත සංවර්ධනය පිළිබඳව අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලියකට ලෝකය යොමුවීමේ වැදගත්කම ද එහිදි පැහැදිලි කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.