Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගල්කිස්ස පොලීසියේ සැකකාර කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්න කරයි
    Featured

    ගල්කිස්ස පොලීසියේ සැකකාර කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්න කරයි

    By LFNFebruary 12, 2025No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධියට අදාළව එම පොලීසියේම පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (11) ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

    ඒ, කොස්තාපල්වරයාට පලායෑම සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතය.

    මෙලෙස අත්අඩංගුවට ගැණුනේ මිලාන් කේසර සමරතුංග නමැති ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රාජකාරි ගිනිඅවිය රැගෙන පොලිස් ස්ථානයෙන් පිටවූ කොස්තාපල්වරයා විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ දක්වා යෑමට යතුරුපැදියක් භාවිත කර ඇති බවය.

    කෙසේවෙතත්, යතුරුපැදිය අතරමග දමාගොස් ඇති අතර අද දින අත්අඩංගුවට පත් කොස්තාපල්වරයා එම ස්ථානයට ගොස් යතුරුපැදිය රැගෙන එන ආකාරය CCTV කැමරාවක සටහන්වී තිබුණි.

    ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

    එහිදී පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තාකර ඇත්තේ ගිනිඅවිය සමග අතුරුදන්වූ කොස්තාපල්වරයා විදෙස්ගතවීමට පෙර සැකකරු සිව් වතාවක් ඔහුට දුරකථන ඇමතුම් ලබාගෙන ඔහු සිටන ස්ථානය සම්බන්ධයෙන් විමසා ඇති බවය.

    කරුණු සලකාබැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා සිල්වා මහත්මිය පෙබරවාරි 13 වැනිදා දක්වා සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මූලස්ථාන පොලීසියට අවසර ලබාදුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202603 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.