Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
    Featured

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි

    By LFNFebruary 11, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටහේන, බෙනඩික් මාවතේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් බව පොලීසිය සැක පළකරයි.

    එම වෙඩිතැබීම රාත්‍රී 7ට පමණ සිදුව තිබුණි.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් එම වෙඩිතැබීම සිදුකර තිබූ බව මූලික විමර්ශනවලින් හෙළිව ඇති බව පොලීසිය පවසයි.

    වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර පළායන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

    වෙඩි වැදීමෙන් වයස අවුරුදු 43ක පුද්ගලයෙකු තුවාල ලබා‍ රෝහල්ගත කර තිබූ අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 13 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කැනිස්ටන් නේටෝ නමැති පුද්ගලයෙකි.

    මෙම වෙඩිතැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි ශිරාන් ක්ලෝරියන් යන අයගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජි හෙවත් “පූකුඩුකන්නාගේ” සමීපතමයෙකු බව පැවසේ.

    දෙපාර්ශ්වය අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් මත වෙඩිතැබීම සිදුවූ බවට පොලීසිය සැක පළකරන අතර වෙඩික්කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 2026

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා

    April 29, 202600 Views

    සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා…

    ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීමේ සිද්ධිය ගැන ධීවර ඇමතිගෙන් ප්‍රකාශයක්

    April 29, 2026

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 2026

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.