Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»හිටපු අගමැති ඛාන් වෙනුවෙන් විරෝධතාවක්
    International

    හිටපු අගමැති ඛාන් වෙනුවෙන් විරෝධතාවක්

    By LFNFebruary 10, 2025No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවය.

    ඒ අනුව, ඛාන් අගමැතිවරයා වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09) එරට වයඹදිග ස්වාබි නගරයේදී විරෝධතාවක් පවත්වා තිබුණි.

    මෙම විරෝධතාව පැවැත්වුණේ ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය බලය පෙරලා දැමූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසරක් ගතවීමට සමගාමීවය.

    මේ අනුව ඔවුන් එම දිනය කළු දිනය ලෙස නම් කර තිබුණි.

    මෙහිදී එක්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් රජයට බලකර සිටියේ ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවටය.

    පසුගිය මැතිවරණයේදී තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි කළ අතර එහි අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ස්වාධීනවය.

    එහිදී එම ස්වාධීන කණ්ඩායම ආසන 93ක් දිනාගත්තේ මහත් අභියෝගයක් නිර්මාණය කරමිනි.

    කෙසේ නමුත් පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂය සහ පාකිස්තාන මහජන පක්ෂය ඉන් පසුව එක්ව ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය.

    මේ අයුරෙන් ඉම්රාන් ඛාන් දිගින් දිගටම සිරගත කර රඳවාගෙන සිටින්නේ ඔහු නිදහස් කරන්නැයි දසතින් කරන ඉල්ලීම් නොතකා හරිමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.