Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්

    January 6, 2026

    ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්

    January 6, 2026

    නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

    January 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන බව අගමැතිනිය කියයි
    Featured

    රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන බව අගමැතිනිය කියයි

    By LFNFebruary 9, 2025No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

    අග්‍රාමාත්‍යවරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී ඇය මේ බව සඳහන් කළාය.

    ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.

    මෙම සේවාවන්හි උසස්වීම්, වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු, ගුරු විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු කිරීම (ජාතික හා පලාත්), පාසල්වලට සිසුන් ඇතුලත් කිරීම හා මුදල් එකතු කිරීම, ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු වලට බඳවා ගැනීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් හා පිරිවෙන් පද්ධතියේ පවතින ගැටලු සහගත තත්වයන් විසඳාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

    අර්ධ රාජ්‍ය පාසල්වල සිදුකරන ගාස්තු අයකිරිම, පන්තියක ළමුන් 35කට සීමා කිරීම, පන්ති ප්‍රමාණය සීමා කිරීම, ගුරු උපදේශක සේවයේ කඩඉම් විභාග පැවැත්වීම යන කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

    පාසල් සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේදී පුරප්පාඩු නොමැතිව ළමුන් ඇතුලත් කර නොගැනීමට සහ ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලිපි නිකුත් කිරීම් සිදු නොකිරීමට මේ වන විට ක්‍රියා කර ඇති බවත්, ගුරුවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්

    January 6, 2026

    ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්

    January 6, 2026

    නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්

    January 6, 20260116 Views

    ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට්…

    ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්

    January 6, 2026

    නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

    January 6, 2026

    දිට්වා ගැන අධ්‍යයනය කරන විශේෂ කාරක සභාවේ සභාපතීත්වය විපක්ෂය ඉල්ලයි

    January 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.