Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අර්ථසාධක අරමුදලට නව සාමාජිකයන් ලියාපදිංචිය සිදුවන්නේ මෙහෙමයි
    Featured

    අර්ථසාධක අරමුදලට නව සාමාජිකයන් ලියාපදිංචිය සිදුවන්නේ මෙහෙමයි

    By LFNFebruary 9, 2025No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සේවක අර්ථසාධක අරමුදල යටතේ නව සාමාජිකයන් ලියාපදිංචිය සම්බන්ධයෙන් කම්කරු කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි දැක්වෙන්නේ, ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසය.

    2025 ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බව කම්කරු කාර්යාලය නිවේදනය කරයි.

    සේවකයෙකු සේවයට බැඳුණු දින සිට දින 30 ක කාලසීමාවක් තුළ දී එම සේවකයා සේවක අර්ථසාධක අරමුදල යටතේ ලියාපදිංචිය අනිවාර්යය කිරීම සඳහා 2021.10.12 දිනැති නියෝග මඟින් නව නීතිමය විධිවිධාන හඳුන්වා දී තිබේ.

    ඒ අනුව 2024 ඔක්තෝම්බර් මස සිට සාමාජික ලියාපදිංචියට අදාළ නව ක්‍රමවේදය යටතේ සේවකයෙකු ලියාපදිංචි කිරීම දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබූ අතර සියලුම කම්කරු කාර්යාලයන්හි එම තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීම 2024 දෙසැම්බර් මස සම්පූර්ණ කරන ලදී.

    සේවක අර්ථසාධක අරමුදල යටතේ සේවකයෙකු බඳවා ගෙන ප්‍රථම මාසය තුළදී ම සේවකයා ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමත් සමඟ එතෙක් සේවකයන් ලියාපදිංචි කර නොතිබූ ආයතන මඟින් සේවකයන් විශාල සංඛ්‍යාවකගේ ලියාපදිංචියට අදාළ ඉල්ලීම් කම්කරු කාර්යාලයන් වෙත ඉදිරිපත් වීම සිදුවිය.

    ඉහත තත්වය සැලකිල්ලට ගෙන ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන කම්කරු කාර්යාල බල ප්‍රදේශවල පිහිටි ආයතන මඟින් නව ලියාපදිංචියට අදාළව අයදුම්පත් භාරගැනීම එක් එක් ආයතන මඟින් පමණක් සිදු කිරීම අපේක්ෂා කරන බව කම්කරු කාර්යාලය සඳහන් කරයි.

    ඒ අනුව, සේවකයන් තනි තනි වශයෙන් කාර්යාල වෙත පැමිණීම වෙනුවට කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙනු ලබන නියමිත දිනයක දී හා නියමිත වේලාවක දී අදාළ සේවකයා නියමිත කම්කරු කාර්යාලය වෙත යොමු කිරීම සිදු කරන මෙන් ඉල්ලා සිටී.

    1. උතුරු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 11, 12, 13, 14, 15 ප්‍රදේශ සහ කැලණිය සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

    2. මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 07, 08, 09, 10 ප්‍රදේශ සහ කොලොන්නාව සහ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

    3. නැගෙනහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 03, 04, 05 ප්‍රදේශ සහ කඩුවෙල සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

    4. බටහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 06 ප්‍රදේශය සහ දෙහිවල සහ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

    5. දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 01, 02 ප්‍රදේශ සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය)

    මේ අනුව නැවත දැනුම් දෙන තුරු සේවකයන් ඍජුවම කම්කරු කාර්යාල වෙත යොමු නොකිරීමට කටයුතු කරන ලෙසත් අදාළ ආයතන මඟින් පමණක් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාල වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටින බව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.