Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට
    Featured

    ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට

    By LFNFebruary 7, 2025No Comments2 Mins Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීම මත ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනය නිකුත් කර තිබියදී , ඩුබායි රාජ්‍යයේ දී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට පත් වී සිටීමෙන් පසුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් එරටට ගොස් , භාර ගෙන අද (07 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

    මොවුන් අතරින් එක් සැකකරුවෙකු මාකන්ද , ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි. .මොහු ඉකුත් 2024 වසරේ 01/22 දින බෙලිඅත්ත පොලිස් වසමේ , බෙලිඅත්ත – වලස්මුල්ල මාර්ගයේ , ඩිපෙන්ඩර් රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකුට , කහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් මොහුට , විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි .

    අනෙක් සැකකරු කොළඹ , කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

    මොහු මනුෂ්‍ය ඝාතන කීපයක් මෙන්ම නිවෙස් වලට පහර දී දේපළ වලට අනර්ථයන් සිදු කර , කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු ලබා ඇති පුද්ගලයෙකි .

    මෙම කණ්ඩායමේ රැගෙන ආ තුන් වන සැකකරු දෙන්කන්දලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

    මොහු අකුරැස්ස , මාවරල සහ ඌරුබොක්ක පොලිස් වසම් තුළ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සිදු කර , එම අධිකරණ මගින් විවෘත වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකි . මොවුන් අද (07) දහවල් 11.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

    මෙම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී , නීතීඥ , බුද්ධික මනතුංග මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

    ශ්‍රී ලංකාව තුළ තවත් මෙවැනි අපරාධ සිදු කර , විදේශ රටවල් වෙත පළා ගොස් ඇති පුද්ගලයන් 65 දෙනෙකු වෙත ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.