Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
    Featured

    මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    By LFNFebruary 6, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බවයි.

    ඊට අමතරව මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

    ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට අවසර ලබා දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවශ්‍යතාවයක් වේ නම් පෙත්සම්කාර පාර්ශවයට ද ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවත් සඳහන් කළාය.

    පෙත්සම කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවා දායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

    ඔහුගේ ආරක්‍ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ විධිමත් ආරක්ෂක ඇගයීමකින් පසුව බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස නියෝග කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,505 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 20250107 Views

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.