Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
    Featured

    වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

    By LFNFebruary 5, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙඩිතබා මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (04) දහවල් කාලයේ මට්ටක්කුලිය, කඳිරානවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

    මෙම සැකකරු 2022.11.19 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම, 2023.01.18 වන දින කොටහේන පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම යන අපරාධවල වෙඩික්කරු වශයෙන් ක්‍රියා කළ සැකකරු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    මේ අතර දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවලදී වෙඩිතබා පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධින් තුනක් සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු අත්තිඩිය වැව පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 30 වනදාය.

    පොලීසිය පැවසුවේ අදාළ සැකකරු පසුගිය 30 වනදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සමඟ අත්අඩගුවට ගෙන රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොහු අදාළ ඝාතන සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කළ යතුරු පැදිය පැදවූ පැදිකරු බවට අනාවරණය වී ඇති බවයි.

    මෙම සැකකරු දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජවාරම් කරුවෙකුගේ මෙහෙයවීම මත එම අපරාධ සිදුකර ඇති බවට අනවාරණය වී තිබේ.

    සැකකරු සම්බන්ධයෙන් ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202604 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.